31 C
Colombo
Wednesday, March 19, 2025

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

- Advertisement -

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2023 වසරේදී ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේට බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට තිබූ ඩුබායි සංචාරයද අවලංගු කෙරුණා.

පාප් වහන්සේ පසුගිය වසර දෙක තුළ කිහිප වතාවක්ම ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පීඩා විඳිමින් සිටියා.

උන්වහන්සේ තරුණ අවදියේදී එක් පෙනහලුවක කොටසක් ඉවත් කිරීමද සිදුව ඇති අතර ඔහු පෙනහලු ආසාදනවලටද ගොදුරුව තිබුණා.

මේ අතර හෙට දිනයේදී සැලසුම් කර ඇති මහජන හමු සහ සඳුදා දින රෝමයේ ප්‍රසිද්ධ සිනෙසිටා චිත්‍රපට චිත්‍රාගාරය නැරඹීමද  අවලංගු කිරීමට වතිකානුව නිවේදනය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES