24 C
Colombo
Sunday, January 19, 2025

ජන හා නිවාස සංගණනය අවසන්

- Advertisement -

මෙවර ජන හා නිවාස සංගණනයට අදාළව හිසට වහලක් නොමැති පුද්ගලයින්ගේ තොරතුරු රැස් කිරීමේ කටයුතු ඊයේ (18) දිනයේ සිදුකර තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම තොරතුරු රැස් කිරීම් සිදුකෙරුණු බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවා.

ඒ අනුව මෙවර සංගණනයේ කටයුතු අවසන් කෙරුණ අතර ඉදිරි දින 05ක කාලය සංගණන කටයුතු යාවත්කාලීන කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 07 වන දින සිට ‍ජන හා නිවාස සංගණනයේ පුද්ගලයින්ගේ සහ නිවාසවල තොරතුරු රැස්කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.

මේ දක්වා තොරතුරු ලබාගැනීම සඳහා නිවෙස් වෙත සංගණන නිල‍ධාරී පැමිණ නොමැති නම් ඒ පිළිබඳව 1901 කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුම්දෙන ලෙස ද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

සංගණන කටයුතු යාවත්කාලීන කිරීමෙන් අනතුරුව මාසයක් ඇතුළත මූලික වාර්තාව නිකුත් කිරීමට කටයුතු කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

POPULAR ARTICLES