30 C
Colombo
Monday, April 21, 2025

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් ඇරඹෙයි

- Advertisement -

තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් (4) ආරම්භ වනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ මහලේකම් කාර්යාල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් ස්ථාන, පොලිස් ස්ථාන, STF කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශවල නිල ඇඳුමින් සැරසුණු කාර්ය මණ්ඩලයට සහ සිවිල් සේවකයින්ට ඡන්දය සලකුණු කළ හැකි බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ලකුණු කිරීම අද (04), හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී සිදු කරනු ලබනවා.

ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන ප්‍රකාශයට පත් කර තිබෙන අතර අද දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කළ හැකියි.

අද (04) සහ අනිද්දා (06) දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවල, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරි කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවලදී නිල ඇඳුම් කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල ද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.

අදාළ දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකියි.

RECENT ARTICLES - SINHALA

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩි එපා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ...

POPULAR ARTICLES

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

මර්වින් සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 05 වනදා දක්වායි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට...

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...