31 C
Colombo
Saturday, June 25, 2022

විදුලි කප්පාදුව අවසන් ද? – ඇමතිගෙන් ඉඟියක්

- Advertisement -

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලෙස විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

බිඳ වැටූ තිබුණු නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් හෙට වන විට එය නැවත ජාතික පද්ධතියට එක් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

ජූලි 01 වනදා සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබුණත් එය එළැඹෙන සතියේ සිට ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව සොයා බලන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙමඟින් ජනතාව පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන රැස් කිරීම නතර කරනු ඇති බවත්, එමඟින් එම යන්ත්‍ර සඳහා වැය වන ඉන්ධන ජනතාවට ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදාගත හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

විදුලි අර්බුදයට තිත තැබීම සඳහා රජය ප්‍රමුඛතාවයක් ලෙස සලකා කටයුතු කළත් ඉන්ධන අර්බුදය සඳහා කෙටිකාලීන විසඳුමක් නොමැති බවත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

ඉන්දියාවෙන් මෙරටට බිලියන 3ක තවත් මානුෂීය ආධාර තොගයක්..!

ඉන්දීය ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලැබුණු ආධාර තොගයක් ඉන්දීය මහ කොමසාරිස්වරයා, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරින් විසින් ඊයේ...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...