මේ වන විට පැය 2 යි විනාඩි 30 ක් ව පවත්නා විදුලි කප්පාදු කාලය පැය 3 ක් දක්වා ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව හෙට (27) දිනයේ පටන් ජූලි 03 වනදා A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W දක්වා පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.
එහිදී දහවල් කාලයේදී පැය 1 යි විනාඩි 40 කුත් රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක කාලයකුත් විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර හිමිව තිබෙනවා.
M,N,O,X,Y,Z යන කලාප වලට ජූලි 02 හා 03 යන දින හැර අනෙකුත් සෑම දිනයකදීම උදෑසන 05 සිට උදෑසන 08 දක්වා පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.