32 C
Colombo
Sunday, June 4, 2023

ප්‍රබල එංගලන්තය යූරෝ කුසලාන අවසන් පූර්ව වටයට

- Advertisement -

යූරෝ කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරඟය පැවැත්වුණේ එංගලන්තය සහ යුක්‍රේනය අතරයි.

තරඟයේ සිව්වන මිනිත්තුවේදීම නායක Harry Kane ගෝලයක් ලබා ගනිමින් එංගලන්තයට සුපිරි ආරම්භයක් ලබා ගත්තා.

නමුත් පළමු අර්ධය තුල ඉන් පසුව කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට හැකි වුයේ නැහැ.

ඒ අනුව පළමු අර්ධය නිමා වුණේ 1-0 ක් ලෙස එංගලන්තය පෙරමුණේ පසුවෙමින්.

දෙවන අර්ධයේ 46, 50 සහ 63 වන මිනිත්තුවලදී තවත් ගෝල ත්‍රිත්වයක් ලබා ගත් එංගලන්තය තරගයේ පාලනය මුලුමනින්ම තමන් වෙත නතු කරගත්තා.

46 වන මිනිත්තුවේදී Kane ලබා ගත්තේ තරඟය තුළ දෙවැනි ගෝලයයි.

එමෙන්ම 63 වන මිනිත්තුවේදී Jordan Henderson ලබා ගත්තේ එංගලන්තය වෙනුවෙන් තම පළමු ගෝලයයි.

කෙසේ වෙතත් යුක්රේනයට එකදු ගෝලයක් හෝ රැස් කරගැනීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව නියමිත කාලය අවසන් වනවිට ප්‍රභල එංගලන්තය 4-0ක් ලෙස පහසුවෙන් තරගය ජයගනිමින් අවසන් පූර්ව වට⁣යට සුදුසුකම් ලැබුවා.

අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉතාලිය සහ ස්පාඤ්ඤය අතර ලබන අඟහරුවාදා පැවැත්වෙනවා.

දෙවන තරඟය එංගලන්තය සහ ඩෙන්මාර්කය අතර ලබන බදාදා පැවැත්වීමට නියමිතයි

යූරෝ කුසලාන අවසන් මහා තරඟය ලබන ඉරිදා පැවැත්වෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...