මෙවර ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ ජනාධිපතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කිසිදු අපේක්ෂකයෙකු 50% ක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.
මීට සුළු මොහොතකට පෙර එම ගණන් කිරීමේ කටයුතු ආරම්භ කළ බවයි සඳහන් වන්නේ.
දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතායි.
කෙසේවෙතත් තවමත් කොළඹ, කළුතර,ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රතිඵල අද (22 වැනිදා) සවස් වන විටදී ලබාදී අවසන් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.