30 C
Colombo
Monday, March 20, 2023

චොකා මල්ලිටත් රනිල්ගෙන් රාජ්‍ය ඇමතිකමක්

- Advertisement -

රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට දිවුරුම්දී ඇති රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 38 ක්.

ඉදිරියේදී තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද දිවුරුම්දීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද ප්‍රකාශ කළා.

ඒ, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

ප්‍රේමලාල් ජයසේකර හෙවත් ජනයා අතර චොකා මල්ලි නමින් ප්‍රකට රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරුණේ 2020 ජූලි 31 වැනිදායි. රත්නපුර මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකොට 2016 ජූලි 22 දින ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රෙයන් ඔවුනට එරෙහිව චෝදනා 9ක් දක්වා තිබිණි. ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 140, 296, 300 සහ 426 යන වගන්ති යටතේයි.

එම මහාධිකරණ නඩුව අවසන් කරමින් ප්‍රේමලාල් මන්ත්‍රීවරයා ඇතුළු සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මාණික්කවඩුගේ වජිර දර්ශන ද සිල්වා යන තිදෙනාට එරෙහිව මරණ දඬුවම නියම කෙරිණි.

ඒ, 2015 පැවැති ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතු අතරතුරදී එම වසරේ ජනවාරි 05 හෝ ඊට ආසන්න දිනකදී රත්නපුර කහවත්ත නගරයේ පැවැති මෛත්‍රීපාල සිරිසේන ජනපති අපේක්ෂකයාගේ ප්‍රචාරක රැලියකදී වූ ගැටුමක් නිසාවෙනි.

එම ප්‍රචාරක රැලියට කඩාවැදී සැරසිලි කඩා බිඳ දමා රැස්වීම් භූමියේ සිටි ශාන්ත දොඩම්ගොඩ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් ඉල්ෆාන් යන අයට වෙඩි තබා බරපතළ අනතුරක් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු සෙසු දෙදෙනාට මරණ දණ්ඩනය නියම කෙරිණි.

එසේ වසර දෙකකට ආසන්න කාලයක් සිර බත් කෑ විත්තිකරුවන්ට එරෙහිව රත්නපුර මහාධිකරණය දුන් නඩු තීන්දුව ඉවත දමමින් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය පසුගිය මාර්තු 31 වැනි බ්‍රහස්පතින්දා නියෝග කෙරිණි. එම නියෝගය ලබා දුන්නේ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන ද්විත්ව විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.

මරණ දණ්ඩනයට නියමව සිටි තිදෙනා විසින් අභියාචනා පෙත්සම් තුනක් ගොනු කෙරුණේ රත්නපුර මහාධිකරණය විසින් තමන්ට එරෙහිව පැවැති නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු හරිහැටි විශ්ලේෂණය නොකොට අත්තනෝමතික ලෙස තම තිදෙනා වරදකරුවන් කොට මරණ දණ්ඩනයෙන් දඬුවම් නියමකොට ඇති බවට සඳහන් කරමිනි.

එසේ හෙයින් එම නඩුවේදී ඉදිරිපත් වූ සියලු කරුණු හා සාක්ෂි යළි විශ්ලේෂණය කොට බලා තමන් හට නියම කර ඇති අගතිදායක වූත් නීතියට පටහැනි වූත් එම නඩු තීන්දුව ඉවත දමා තම තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙසටද එම අභියාචනා පෙත්සම් තුනෙන් ඔවුන් තිදෙනා ඉල්ලා සිටියේය. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනා ගොනුකළ අභියාචනා පෙත්සම් තුන 2021 නොවැම්බර් මස 08 වැනි දා සිට අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනිණි. අනතුරුව ඉකුත් පෙබරවාරි 24 වැනිදා එම අභියාචනා විභාගය නිමා කළේ මාර්තු 31 එනම් ඉකුත් බ්‍රහස්පතින්දා දිනට තීන්දුව ප්‍රකාශයට පත්කරන බවට පෙත්සම් විභාග කළ විනිශ්චය මණ්ඩලය ප්‍රකාශ කරමිනි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ, එම සිදුවීම වූ අවස්ථාවේදී විත්තිකරුවන් අත ගිනිඅවි තිබූ බවට සහ ඔවුන් විසින් වෙඩි තැබූ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි. ඒ අනුව විත්තිකරුවන්ට අදාළ චෝදනාවන් රත්නපුර මහාධිකරණය හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවත් විනිසුරුවරයා වැඩිදුරටත් පැවැසීය.

මරණීය දණ්ඩනය නියමව සිරගත කර සිටියදීත් 2020 වසරේ පැවැති දහසය වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීමට තරම් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සමත් වූයේ අඛණ්ඩව පස්වැනි වරටත් පාර්ලිමේන්තුව නියෝජනය කරමිනි. ඔහු එවර නිවිතිගල ආසන සංවිධායකවරයා ලෙස අංක 13 ඔස්සේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මනාප ඡන්ද 142,037ක් තරම් අතිවිශාල සංඛ්‍යාවක් ලබා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනයට සුදුසුකම් ලබාගත්තේ දිස්ත්‍රික්කයේ දෙවැනියා වෙමින් මනාප ඡන්ද 200,977ක් ලබාගත් පවිත්‍රාදේවි වන්නිආරච්චිට පමණක් දෙවැනි වෙමිනි. එහෙත් බන්ධනාගාරගතව සිටි ප්‍රේමලාල් ජයසේකරට එදා අබිනව පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයට සහභාගි වීමට වාසනාව නොලැබුණේ ඊට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් අවසරයක් නොලැබීම නිසාය.

අනතුරුව මන්ත්‍රීවරයා රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරමින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගි වීමටද වරම් දිනා ගත්තේය.

1974 නොවැම්බර් 16 වැනිදා උපත ලද හල්කඳලිය ලේකම්ලාගේ ප්‍රේමලාල් ජයසේකර ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටියදී වයස අවුරුදු 23දී 1997 වසරේ පැවති නිවිතිගල ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කොට එහි සභාපතිවරයා ලෙස තේරී පත්විය.

ඔහු ප්‍රථම වතාවට රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ඡන්ද 79,742ක් ලබා ගනිමිනි. 2004 වසරේදීද මනාප ඡන්ද 71,982ක් ලබාගත් ප්‍රේමලාල් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරම් දිනා ගංගා නිම්න සංවර්ධන සහ රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් විය. 2010 දී නැවතත් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 73,175ක් ලබා පාර්ලිමේන්තුවට පැමිණි ඔහු විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2015 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදීද ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු වරම් හිමි වූයේ ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනාද එල්ල වෙමින් තිබියදීය. එවර රත්නපුර ජනතාව මනාප ලැයිස්තුවේ පළමුවැනියා ලෙස ප්‍රේමලාල් ඉහළින්ම ඔසවා තැබුවේ මනාප 154,988ක් තරම් අතිවිශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා දෙමිනි.

RECENT ARTICLES - SINHALA

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.