ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සේවීම සඳහා පත්කළ කමිටුව විසින් සිදුකළ අවසන් වාර්තාව ගුවන් හමුදාපති වෙත භාර දී තිබෙන බවයි පැවසෙන්නේ.
එම වාර්තාවෙන් පවසා ඇත්තේ මෙම ඩ්‍රෝන යානයෙන් ලංකාවට කිසිදු බලපෑමක් ඇති ව නොමැති බවයි.
එමෙන්ම මෙම ඩ්‍රෝන යානය, ඉන්දීය සමාගමකට අයත් එකක් බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම මෙය පුහුණුවීම් සඳහා යොදාගත් එකක් බවට අනාවරණය වී තිබුණා.
පසුගිය 27 වනදා ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී මෙම ඩ්‍රෝන යානය ධීවරයින් පිරිසකට හමු වුණා.
මෙම යානය සති දෙකකට ආසන්න කාලයක් මුහුදේ තිබී ඇති බවද එම වාර්තාව මගන් පෙන්වා දී ඇති අතර එය නැවතත් ආදාළ සමාගමට භාරදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.