තිරිඟු පිටි මිල ඉහළ යාම නිසා පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද දහවල් පැවැත්වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.
බොහෝ දුරට පාන් රත්තලක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති බවත් සෙසු බේකරි නිෂ්පාදන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයා පීඩාවට පත් නොවන අයුරින් මිල වැඩි කිරීමට බේකරි හිමියන්ටම ඉඩ ලබා දෙන බවත් එම සංගමය සඳහන් කරනවා.
අද සිට තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තිරිඟු පිටි ආනයන සමාගම් පියවර ගෙන තිබේ.