23 C
Colombo
Friday, February 14, 2025

ස්වර්ණවාහිනිය යළිත් විකිණීමේ සූදානමක්

- Advertisement -

අලිරාජා සුබාෂ්කරන්ට අයත් ස්වර්ණවාහිනී නාලිකාව යළිත් වරක් විකුණා දැමීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ලයිකා මොබයිල් ව්‍යාපාරයේ හිමිකරු වන අලිරාජා සුබාෂ්කරන් 2014 වසරේදී Lyca Productions ආයතනය ආරම්භ කරනු ලැබූවා.

ශ්‍රී ලංකාවේ Lyca සමාගම සතුව ස්වර්ණවාහිනී ඇතුළු EBC මාධ්‍ය ජාලය සහ SKY Media Network යන සමාගම් පවතිනවා.

කෙසේවෙතත් පසුගිය මැතිවරණයේදී සුබාෂ්කරන් සහය දැක්වූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයට බලාපොරොත්තු වූ ජයග්‍රහණයක් හිමි නොවීමත් සමඟ ඔහුට අයත් මාධ්‍ය ආයතන තවදුරටත් පවත්වාගෙන යාමේ අර්බුදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුට අයත් ද්‍රවිඩ පුවත්පතක් වන ‘ඔරුවන්’ පුවත්පත පසුගිය සතියේ සිට සිය මුද්‍රණ කටයුතු නවතා දමා තිබෙනවා.

ස්වර්ණවාහිනී ආයතනයද බලාපොරොත්තු වූ ප්‍රමාණයට ආදායම් උපදවන ස්ථානයක් නොවූ බැවින් එම නාලිකාවද විකුණා දැමීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

එම නාලිකාව මිලදී ගැනීමට මේ වන විට හිරු නාලිකාවේ හිමිකරු වන රේනෝ සිල්වා මහතා සූදානමින් සිටින බවටද තොරතුරු වාර්තා වනවා.

සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසුව ඇයගේ දරුවන් විසින් EAP සමාගම විනාශ මුඛයට ඇඳ දැමූ පසුව ස්වර්ණවාහිනී නාලිකාව විකුණා දැමීමට සිදුවූවා.

එහිදී අලිරාජා සුබාෂ්කරන් EAP නෙට්වර්ක්ස් ආයතනයට අයත් රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා මිලදී ගත් අතර එම අවස්ථාවේදීද එම නාලිකා මිලදී ගැනීමට රේනෝ සිල්වා මහතා දැවැන්ත උත්සහයක් ගනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES