29.1 C
Colombo
Friday, April 26, 2024

ගෝඨාභයත් වටෙන් ගොඩින් මහින්දට ගෙදර යන්න කියයි

- Advertisement -

වර්තමාන අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වූ පසුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජනයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ, ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින් වෙත මේ පිළිබඳව ලිපියක් මගින් දැනුම් දෙමින්.

ඒ අනුව එම කාරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප්‍රේල් 29 වනදා පෙරවරු 10.30ට ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසයි ඔහු සිය ලිපියෙන් දන්වා ඇත්තේ.

දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්, 2020 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හා මේ වනවිට ස්වාධීන කණ්ඩායම් වශයෙන් කටයුතු කරන පක්ෂ නායකයින් වෙත ජනාධිපතිවරයා විසින් එම ආරාධනය සිදුකර ඇත.

අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා මෙන්ම අතිඋතුම් කාදිනල් හිමියන් ඇතුළු සර්ව ආගමික නායකයින් ද දේශපාලන පක්ෂ හා පොදුජන සංවිධාන රාශියක් විසින් ද සිදුකළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත එකී සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක වියයුතු කාල සීමාව, එහි වගකීම් ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා විසින් දැනුම්දී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...