අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම වෙනුවෙන් දේශපාලකයින් රැසක් ශෝක සටහන් තබා තිබේ.
මේ අතර, ඔහුගේ අභාවය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
ලාංකීය දේශපාලන ගමන්මඟෙහි විශාල පරිවර්තනයන් මෙන්ම අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකිරීමට සක්‍රීයව දායක වූ කෘතහස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැලවීමෙන් තමන් ඉතා සංවේගයට පත්වවූ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.