24 C
Colombo
Sunday, January 19, 2025

ජනපති අනුරට ඉන්දියාවෙන් මහත් හරසර

- Advertisement -

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය  සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.

එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩිමුර 21ක් පවත්වා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගනු ලැබූ අතර අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබුවා.

ඉන්පසුව දෙරටේ නායකයන්ට දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස හඳුන්වා දීම සිදු කෙරුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවයට රාජ්‍ය තාන්ත්‍රකයින් රැසක් එක්ව සිටියා.

පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව රාජ්ඝාට්හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක් වුණා.

ඉන්පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය සිහිපත් වීම පිණිස රාජ්ඝාට්හි පිහිටි ගාන්ධි දර්ශන් පරිශ්‍රයේ අශෝක පැළයක් රෝපණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමුත්තන්ගේ පොතේ ද අත්සන් තැබුවා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES