අමෙරිකානු හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ පිරිසට සහ ඥාතීන්ට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ X සටහනක් තබමින්.
ජිමි කාටර් මහතා සිය ජීවිතය පුරා මානව හිමිකම් සහ මානුෂීය කටයුතු වෙනුවෙන් නොසැලෙන කැපවීමකින් කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් ඔහුට 2002 දී නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කර තිබෙනවා.