31 C
Colombo
Friday, April 19, 2024

සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉවත දමමින් ජනපති රාජ්‍ය කඨින මහෝත්සවය පවත්වයි (වීඩියෝ)

- Advertisement -

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු දෙවන අවස්ථාව මෙය බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සංවිධාන කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී පූජ්‍ය ගල්ලැහැපිටියේ පේමරතන හිමියන් බැහදැක උන්වහන්සේගේ සුවදුක් විමසුවා.

කඨින චීවරය පඬු පෙවීම, පඬු ගල්වනයට ඖෂධ එක් කිරීම හා පඬු බඳුන සඟ සතු කොට පූජා කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරනු ලැබුවා.

පඬු පෙවූ කඨින චීවරය ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමා විසින් පෙරහරින් වැඩම කරවා සඟ සතු කොට පූජා කළා.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “බුදුපුත් මාපිය හරසර” ජාතික වැඩපිළිවෙළේ සමාරම්භය සනිටුහන් කරමින්, සම්බුදු සසුනට කුල දරුවන් පූජා කළ දෙමව්පියන් හයදෙනෙකුට හැඳුනුම්පත් ලබා දීමද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා.

කෙසේ වෙතත් මෙම අවස්ථාවට දහස් ගණනින් සෙනඟ රැස්කර තිබූ අතර ඔවුන් කිසිදු කොවිඩ් මාර්ගෝපදේශයක් අනුගමනය කරන ආකාරයක් දක්නට නොලැබීම විශේෂත්වයක්.

එකිනෙකා පොරකමින් ජනාධිපතිවරයා අතගැස්වීමට රැගෙන එන කඨින චීවරයට අත තැබීමට ජනතාව පොරකන ආකාරය ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ඡායාරූප හා වීඩියෝවල දකින්නට ලැබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසාන වරට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තවදුරටත් පන්සල්, පල්ලි, කොවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර ලබාදී නැහැ.


RECENT ARTICLES - SINHALA

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා...

ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට අදාළව තවත් පෙත්සමක්

හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක්...

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ රත්‍රං මිලෙහි වෙනසක්

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වනවා.  සිකුරාදා උදෑසන ආසියානු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...