27.8 C
Colombo
Monday, June 16, 2025

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

- Advertisement -

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතනවල නිලධාරීන් සමඟ අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

එහිදී, කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ මෙහිදී නිලධාරින්ගෙන් විමසූ ජනාධිපතිවරයා අවිධිමත් ලෙස සිදුකර තිබෙන කසළ බැහැර කිරීම මෙන්ම අපජලය බැහැර කිරීම සම්බන්ධව තිරසාර විසඳුම් සහිත සැලැස්මක් සකස් කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

ඊට අදාළ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් දැනුම් දුන්නා.

පරිසර පොලීසිය බලගැන්වීම සහ ප්‍රජා කමිටුවල සක්‍රීය දායකත්වය ලබාගැනීම තුළින් අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කිරී‍මේ ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි කැලී...

POPULAR ARTICLES