29 C
Colombo
Friday, June 2, 2023

කොවිඩ් රෝගීන්ට නිවෙස් වල ප්‍රතිකාර කරන්න ජනපති උපදෙස්

- Advertisement -

සංකූලතා නොමැති, අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින් නිවෙස් නිරෝධායනයට යොමුකරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසනවා.

මෙම ක්‍රියාවලිය ලබන සඳුදා සිට ආරම්භ කරන බවත් බස්නාහිර පළාත තුළ දැනටමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති බවත් ඔහු පවසා සිටිනවා.

වෛද්‍ය වෘත්තිකයින් දුරකතන ඔස්සේ රෝගීන් සමග සම්බන්ධ වෙමින් ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇති බවයි පැවසෙන්නේ.

මේ කරුණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය,

“අනිවාර්යෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය නියමු ව්‍යාපෘතියක් කළා කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලතාය විසින්. අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දුන්නා රෝගීන්ගේ වැඩිවීමක් තියෙන නිසා ඇතුල්වන රෝගින් ප්‍රමුඛතාගත කරන්න කියලා.

ඒ අනුව, වයස අඩු සංකූලතා නැති අවදානම් නොමැති කාණ්ඩය පුළුවන් තරම් ගෙවල්වලට කරලා කෝල් සෙන්ටර් එක හරහා මොනිටර් කරන්න කටයුතු කරන්නත් අවදානම් අය රෝහල්වලට ඇතුළත් කරන්නත් කියන උපදේශය ලබා දීලා තියෙනවා. මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට ඒ උපදෙස් ලබා දීලා තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...