27 C
Colombo
Friday, March 29, 2024

මිනිස්සු දැන් බය නැතුව කියනවා පිස්සෙක් කියලා – වෙල්ගම

- Advertisement -

ජනාධිපතිවරයා පිස්සෙක් බවට තමන් නොබියව ප්‍රකාශ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

ඒ, ඊයේ දින පාර්ලිමේන්තුව අමතමින්.

මින් පෙර ජනාධිපතිවරුන්ට ජනතාව එසේ පිස්සෙක් යැයි ආමන්ත්‍රණය නොකළ බවයි ඔහු පවසන්නේ.

ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාව යෝජනා වන අවස්ථාවේදී තමා ඊට විරුද්ධ වූ බවත් ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ධන පිරවුම් හළක සේවය කළ, දේශපාලන දැනුමකින් තොර පුද්ගලයෙකු වෙනුවට ජ්‍යේෂ්ඨ දේශපාලඥයෙකු පත්කරන ලෙසට තමා එහිදී ඉල්ලා සිටි බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම, පොහොර ගැටළුව නිසා ජනතාව ඉතාමත් පීඩාවට පත්ව ඇති බවත් මේ වන විට යූරියා අලෙවි වන්නේ රුපියන් දස දහසක පමණ ඉහළ මිලකට බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම, පාස්කු ප්‍රහාරකයන්ට වැටුප් ගෙවනු ලැබුවේ රජය විසින් බවත් රජය දැන් උන්මත්තක වී ඇත්තේ පාස්කු ප්‍රහාරයේ ශාපය නිසා බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(29) හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ බම්බලපිටිය...

මහ සිකුරාද දිනය අදයි, දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබනවා. අළු බදාදා දිනයෙන් ආරම්භ...

HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...