අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.
පසුගිය පළමුවැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සදහන් කළේ ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව යටතේ සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වා ගෙන යෑම සඳහා කටයුතු කරන බවයි.
කෙසේවෙතත් එම තීරණය පිළිබදව මෙරටින් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද රජයට දැඩි විවේචන එල්ල වුණා.
එමෙන්ම හදිසි නීතිය පනවා දින 7 ක් ඇතුළත පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයකින් සම්මත කර ගත යුතු වුවත් මේ වන විට ආණ්ඩුවට බහුතරය අහිමිවී ඇති තත්ත්වයක් තුළ මෙම හදිසි නීති තත්ත්වය පාර්ලිමේන්තුව තුළ පරාජය වීමට පෙර ඉවත් කරගෙන ඇති බව විපක්ෂය සදහන් කරනවා.
