25 C
Colombo
Wednesday, March 19, 2025

ඉන්ධන පෝලිමේ මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවට චීන ගුවන්යානය කඩා වැටීම ගැන ජනපති දුකෙන්

- Advertisement -

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 132 දෙනෙකු රැගත් චීනයට අයත්
Boeing737 ගුවන් යානය අනතුරට ලක්වීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා පවසන්නේ මෙම අනතුර පිළිබඳව තමන් බලවත් ශෝකයට පත්වන බවයි.

China Eastern සමාගමට අයත් මෙම ගුවන් යානය අනතුරට පත්වීමෙන් මියගිය අයගේ පවුල්වලට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන බවද අදාළ නිවේදනයේ සඳහන්.

කෙසේවෙතත් මෙම ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව විවේචනය කර තිබෙනවා.

ඔවුන් සදහන් කරන්නේ රජයට කළමනාකරණය කල නොහැකි තරමේ ඉන්ධන අර්බුදයක් රටේ පවතින අවස්ථාවක එම පෝලිම්වලදී මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකිරීම කණගාටුවට කරුණක් බවයි.

චීනයේ ජනතාව වෙනුවෙන් දුක්වීමට ඇති හදිසිය තමන් ජනාධිපති ධූරය දරන රටේ ජනතාව වෙනුවෙන් නැත්තේ ඇයිදැයි ඔවුන් ප්‍රශ්න කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මහින්ද වැඩි ආරක්ෂාවක් ඉල්ලපු හේතුව

නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයාදී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය 60ක් දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම්...

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

POPULAR ARTICLES

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවීමට නියෝගයක්

රුපියල් මිලියන 12ක මුද්‍රණ කඩදාසි මිලදී ගැනීමක් සම්බන්ධව සාපරාදී විශ්වාසය කඩකළේ යැයි කියන සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට...