31 C
Colombo
Tuesday, April 16, 2024

තහනම් මලක් ජනපති රුවන්වැලි සෑයට පුදලා (ඡායාරූප)

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, රටට සහ ජනතාවට ආශිර්වාද පළ කරමින් ඊයේ (19) පස්වරුවේ අනුරාධපුර, ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස ආශිර්වාද පිංකමක් පැවැත්වුණා.

මීට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාපපක්ෂ මහතා රුවන්වැලි මහා සෑ රදුන් වෙනුවෙන් ඖෂධ සහ චතුමධුර පූජාව සිදු කොට ආගමික වතාවත්වල නිරත වුණා.

මෙහිදී ජනාධිපතිවරයා රුවන්වැලි සෑයට පූජාකළ දෑ අතර 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් වදවීමේ තර්ජනයට මුහුණදී ඇති බවට නම් කර තිබෙන රත් දෝතළු මලක්ද ඇතුළත්ව තිබෙන අයුරු දක්නට ලැබුණා.

රත් දෝතලු හෝ රන් දෝතලු (Loxococcus rupicola) ලෙස හැදින්වෙන මෙම මල ‘දෝතළු’ ශාඛයෙහි හටන්නා මලයි.

සබරගමුව ආශ‍්‍රිත වනාන්තර හා ගෙවතුවල මෙම ශාකය ස්වාභාවිකව හමුවන අතර ශ‍්‍රී පාද අඩවියෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

මීටර 5 -12 පමණ උස සිහින් කඳකින් යුත් මෙම ශාකය බීජ මගින් ව්‍යාප්ත වන අතර පැළ, පැළවීමේ ප‍්‍රතිශතය අඩු නිසා ව්‍යාප්ත වීම සීමා වී තිබෙනවා.

එම නිසා දෝතලු ශාඛය 2012 රතු දත්ත ලැයිස්තුවෙහි වඳවී යෑමේ තර්ජනයට ලක්වූ ශාඛ විශේෂයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

මෙම ශාකයට සිදුවන ප‍්‍රධානම හානිය වන්නේ මිථ්‍යා විශ්වාස නිසා රත් දෝතළු මල් විවිධ පූජාවන්ට යොදා ගැනීමයි.

ඇතැම් පුද්ගලයින් විසින් විවිධ භාර හාර ඉටුකිරීම සඳහා ශ‍්‍රීපාදස්ථානය, රුවන්වැලි සෑය, කැළණි විහාරය මුල්කරගනිමින් මහා පූජාවන් ලෙස මෙම මල් පූජාවන් සිදුකරනවා.

දෝතලූවල ඇති වඳවීයෑමේ හැකියාව නිසා 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් VIII උපලේඛනය යටතේ ආරක්ෂිත ශාක නාම ලේඛනයට ඇතුළත් කොට තිබෙනවා.

ඒ අනුව මෙම ශාකය හෝ ශාකයේ කොටසකට හානිදායක යම් ක‍්‍රියාවක් කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම මුළුමනින්ම තහනම් වනවා.

එම තහනම පෞද්ගලික දේපලක තිබෙන ශාකයකට පවා අදාළ වන ලෙස පනත සකස් කොට තිබෙනවා.

මෙම දෝතලූ ශාකයේ ඇති වටිනාකම නිසාම 2020 මාර්තු 03 වන දින වෙළෙඳාමෙන් තර්ජනයට ලක්වූ වන විශේෂ මුද්දර කාණ්ඩය යටතේ රත්දෝතලූ මලක් ඇතුළත් මුද්දරයක්ද නිකුත් කෙරුණා.

1979.03.26 දින නිකුත් කරන ලද මෙරට ආවේණික ශාක හා සතුන් නිරූපණය වූ මුදල් නෝට්ටු කාණ්ඩයෙහි රුපියල් 100 නෝට්ටුවටද දේතලු ශාකයේ රූපයක්ද එක් කර තිබෙන්නේ එම ශාඛය රැකගැනීමට ඇති ජාතික අවශ්‍යතාවය නිසයි.


RECENT ARTICLES - SINHALA

ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න සැලසුමක්

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන  MD 2 හෙවත් Super Sweet pine apple  (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ  දෙන ලෙස...

හක්මන ඝාතනයට අයෙක් සැකපිට අත්අඩංගුවට

හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු 46 හැවිරිදි වියේ පසුවන හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ දී...

කොළඹ එන්න බස් නැහැ , මඟීන්ගෙන් චෝදනා

සිංහල හින්දු අලුත් අවුරුද්දට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණි ජනතාවට ආපසු කොළඹ රැකියා ස්ථාන බලායෑම සඳහා ප්‍රමාණවත් ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...