32 C
Colombo
Friday, March 29, 2024

අස්වුණු ආශුට ජනපති රනිල් නැවතත් තනතුර දීලා

- Advertisement -

පාර්ලිමේන්තුව කටයුතු පිළිබඳව ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ආශු මාරසිංහ නැවතත් එම තනතුරෙහි පිහිටුවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය ලෙස සැලකෙන ආදර්ශා කරඳන නමැත්තියගේ සුරතල් සුනඛයා ලිංගික හිංසනයට ලක්කර ඇති බවට චෝදනා එල්ල කරමින් ඒ සම්බන්ධයෙන් වීඩියෝ පටයක් සමාජ මාධ්‍යජාල හරහා පසුගිය දිනවල සංසරණය වුණා.

මේ අතර හිටපු පාර්ලිමේන්තු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආදර්ශා කරඳන සමඟ මාධ්‍ය හමුවක් කැඳවමින් සත්ත්ව අපයෝජනය පිළිබඳව ආශු මාරසිංහ චෝදනා එල්ල කළා.

එම මාධ්‍ය අනාවරණය හේතුවෙන් ජනතාව නොමඟ යැවීමෙන් අයුතු ආකාරයෙන් මහජන මතයක් මහාචාර්ය ආශු මාරසිංහට එරෙහිව ගොඩනැගුණු බව සඳහන් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් රුපියල් මිලියන 500ක් සහ ආදර්ශා කරඳනගෙන් රුපියල් බිලියනයක මුදලක් වන්දි ලෙස ඉල්ලා ඒ මහතා විසින් එන්නතර වාසියක් ද යොමු කර තිබෙනවා.

මේ අතර මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම තනතුරෙහි නැවතත් පිහිටුවීමට ජනාධිපතිවරයා පසුගිය 31 වනදා පියවර ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...