25 C
Colombo
Friday, March 29, 2024

ජනපති රනිල්ගෙන් මුදල් ඇමතිකම හැලෙයි

- Advertisement -

කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් පත් කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙක්ට ඇමතිධුර ලබා නොදීමට එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අමාත්‍ය ධුර හිමි නොවන සිව් දෙනා වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන අයයි.

මේ අතර දැනට කැබිනට් මණ්ඩලයේ සිටින ඇතැම් ඇමතිවරුන්ගේ විෂය පථයන් ද වෙනස් වීමට ද නියමිතව තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍ය ධුරය බොහෝ දුරට වෙනස් විය හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

පසුගියදා සම්මත වූ 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති එක් වගන්තියක් වන්නේ ආරක්ෂක අමාත්‍ය ධුරය හැර වෙනත් ඇමති ධුරයන් දැරීමට ජනාධිපතිවරයාට නොහැකි බවයි.

මේ නීති තර්කය මත ජනාධිපතිවරයාට මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරය දැරීමට නොහැකි වනවා.

එම නිසා මේ වන විට විදේශ කටයුතු ඇමති ධුරය දරන අලි සබ්‍රිහට යළිත් මුදල් අමාත්‍යවරයා පත් කිරීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීමට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම ද අලි සබ්‍රි අමාත්‍යවරයා වෙත පැවරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...