27.2 C
Colombo
Saturday, June 21, 2025

ජනාධිපති වෙන්න ඕන ණය ගෙවන්න පුළුවන් කෙනෙක් – ධම්මික පෙරේරා

- Advertisement -

වසර 2028 වන විට මෙරට ණය ගෙවිය හැකි ආර්ථිකයක් ගොඩනැගීමේ ශක්තිය පවතින අයෙකු ජනාධිපතිවරයා බවට පත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසනවා.

මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව ඒ මහතා මේ බව කියා සිටියා.

ලංකාවේ විශාලතම පක්ෂය වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ දිනන අපේක්ෂකයෙකු බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

ධම්මික පෙරේරා මහතා තවදුරටත් සඳහන් කළේ මෙරටට ඇති ණය ගෙවිය හැක්කේ  ආර්ථිකය දියුණු කිරීමෙන් පමණක් බවයි.

වසර තුනක් පුරාවට බංකොළොත් සමාගම් මිලට ගෙන ඒවා දියුණු කිරීමෙන් තමා ඒ බව කළ හැකි නායකයෙකු බවට ඔප්පු කර ඇති බවත් තමාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කළ යුතු බවත් ධම්මික පෙරේරා මහතා මෙහිදී පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES