31 C
Colombo
Wednesday, March 19, 2025

ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

- Advertisement -

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ ආරාධනයකට අනුවයි.

විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ , ජනාධිපතිතුමා හෙට සිට ලබන 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරන බවයි.

එහිදී ඔහු ඩුබායි නුවර පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතන අතර, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති.

ජනාධිපතිතුමා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා හමුවීමට ද නියමිතයි.

මේ අතර, සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සහ දිසානායක මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණෙන් තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ගණනාවක් සමගද ජනාධිපතිතුමා සාකච්ඡා කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES