නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාව මත සිරකරුවන් 146 දෙනෙකු අද (04) නිදහස් කරන බව ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
අදාල විශේෂ සමාව නිර්ණායක හතරක් යටතේ ලබා දෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ඒ අනුව,
• වයස අවුරුදු 65 ඉක්මවූ, රැදවියාට හිමිවූ දඩුවමින් අඩක් ගෙවා නිමකල රැදවියන් හට
• වයස අවුරුදු 50 ට වැඩි, රැදවියාට හිමිවූ දඩුවමින් අවුරුදු 25 ක සිර දඩුවමක් ගෙවා නිමකල රැදවියන් හට,
• තමන්ට හිමිවූ දඩුවම් කාලයෙන් අඩක් ගෙවා නිමකල තරුණ වැරදිකරුවන් හට,
• දඩ මුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාර ගතව සිටින රැඳවියන් හට
අදාල ජනාධිපති සමාව හිමිවනු ඇති.
කෙසේ වෙතත් පසුගිය කාලයේ ජනාධිපති සමාවක් හිමිවේ යැයි කතාබහට ලක්වූ මිනීමැරුම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට මෙවර නිදහස් දිනයේද ජනාධිපති සමාවක් හිමිවූයේ නැහැ.
ඔහුව නිදහස් කර ගැනීම සදහා ආණ්ඩුවේ විවිධ පාර්ශව උත්සහ ගනිමින් සිටියද ජනාධිපතිවරයා ඒ සම්බන්දයෙන් දැඩි ස්ථාවරයක සිටින බවයි වාර්තා වන්නේ.
නිදහස් දිනයේදී ජාතිය අමතා සිදුකල කතාවේදීද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේ පැවති ජනාධිපතිවරණයේදී ඇතැම් පුද්ගලයින් තමන්ට උදව් උපකාර කළ බව පවසමින් ඊට ප්‍රතිඋපකාර බලාපොරොත්තු වුවද පටු චේතනාවක් පෙරදැරිකරගෙන තමන්ට සහය දුන් පුද්ගලයන් සතුටු කිරීම සදහා රටට අහිතකර තීන්දු ගන්නට තමන් සූදානම් නොමැති බවයි.
ඊට අදාල දර්ශන පහතින්,