උතුම් ථේරවාදී සම්බුද්ධ දේශනාව රැගෙන මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීම සිහිපත් කෙරෙන පොසොන් පොහොය, ශ්‍රී ලාංකේය සැදැහැවත් බෞද්ධයන්ගේ සදානුස්මරණීය වටිනාම දිනය බව පොසොන් පොහොය දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
දසරාජ ධර්මය පෙරටු කරගත් රාජ්‍ය පාලනය පිළිබඳව වූ සුවිශිෂ්ට ආකල්පය තුළින් අභිමානවත් රටක් ලෙසින් ලොවට පිවිසීමට අපට හැකිවූයේ මහින්දාගමනයෙන් බවයි ජනාධිපතිවරයා සදහන් කරන්නේ.
යහපත් රටක් ගොඩනැගීමට අදාළ වූ එම තථාගත දහමත්, දස රාජ ධර්මයත් පදනම කරගත් රාජ්‍ය සංකල්පයත් තම පාලනයේ ද පූර්වාදර්ශය කරගන්නා බව අදාළ නිවේදනයෙන් ජනාධිපතිවරයා සඳහන් කරනවා.
