27.8 C
Colombo
Monday, June 16, 2025

මාලිනිය වෙනුවෙන් ජනපති තැබූ සටහන

- Advertisement -

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඇගේ කරුණාව හා දක්ෂතාවයෙන් පරම්පරා ගණනාවක් ආභාශය ලැබූ බවයි.

ඇය දිවි සැරිය නිම කරනුයේ තවත් එක් කලාකාරිනියක හෝ ශිල්පිනියක නොව වේදිකා නාට්‍ය, සිනමාව, සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන් හී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙස බවත් ජනාධිපතිවරයාගේ සටහනෙහි සඳහන් වෙනවා.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ සටහන පහතින්,

“1968 වර්ෂයේ දී සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) දින සිය දිවි සැරිය නිමා කරන්නේ තවත් එක් කලාකාරියක හෝ ශිල්පිනියක ලෙස නොව වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හිදී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙසය.

ඇය විසින් ගොඩනගා ගත් රංග පෞරුෂය ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනා ගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසිනි. 

දශක ගණනක් සිය රංගන ප්‍රතිභාවෙන් ලාංකේය සිනමාව පෝෂණය කළා වූද ලාංකේය සිනමා සන්නාමය දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඔසවා තැබුවා වූද කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියට දැයේ ප්‍රණාමය පුද කර සිටිමු.”

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි කැලී...

POPULAR ARTICLES