29 C
Colombo
Saturday, January 18, 2025

අදානිගේ පිටරට ගනුදෙනු අපේ රටට අදාළ නැහැ – ජනපති

- Advertisement -

අදානි සමූහය වෙනත් රටවල් සමඟ ඇති ගනුදෙනු සම්බන්ධයෙන් සැලකිලිමත් නොවන බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ සිදු කරන්නේ මොනවාද යන්න පිළිබඳව පමණක් අවධානය යොමු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.

The Economic Times සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණා.

“ අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ අපේ ආයෝජන සහ අපේ සංවර්ධනය ගැන. ඔවුන් අපේ රටේ වැඩ කළ ආකාරය අපි සොයා බලනවා, ඔවුන් අපට ගැළපෙන, අපගේ මුල පිරීම් වලට ගැළපෙන ආකාරයට කටයුතු කර ඇත්නම්, අපි අදානි සමූහය සමඟ වැඩ කළාට කමක් නැහැ.”

මේ වන විට ස්ථාවරව පවතින ශ්‍රී ලංකාවේ රජය තවත් ඉන්දියානු ආයෝජන සඳහා අවකාශය සලසා දීමට අදහස් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

කෙසේවෙතත්, අදානි සමූහය ශ්‍රී ලංකාවේ සිදු කිරීමට යෝජිතව ඇති බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්  ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඊට අදාළව  පරිසරවේදීන්ගේ මැදිහත්වීමෙන් මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව පිළිබඳව සැලකිල්ලට ගත යුතු බවයි.

ශ්‍රී ලංකාවට ලැබෙන නව ආයෝජන මෙන්ම පාරිසරික ගැටළු පිළිබඳ අවධානය යොමු කිරීම  එකසේ වැදගත් බව ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කර තිබුණා.  

“මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ විභාග වෙන නඩුවත් සමඟ එහි වාසි අවාසි මැන බලනවා. ඒ වගේම ඒ සඳහා ජනතාවගේ සම්මුතියත් සැලකිල්ලට අරගෙන වඩා යහපත් කුමක්ද යන්න තීරණය කරනවා” 

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES