29.7 C
Colombo
Tuesday, April 23, 2024

ජනපති සහ අගමැති නව කැබිනට් මණ්ඩලය සැලසුම් කරයි

- Advertisement -

අද (04) දිනයේ දී අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් සිදුවීමට නියමිත බව වාර්තා වනවා.

ඉදිරියේදී සැලසුම් කෙරෙන නව රජයේ නව කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වනු ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර, අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වෙමින් ලිපි භාරදුන් බවට ඊයේ දින දිනේෂ් ගුණවර්ධන විසින් පවසා සිටියද සත්‍ය වශයෙන්ම එසේ ඉල්ලා අස් වීමක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙනු ලැබුවා.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍යවරයෙකු සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය භාරදිය යුත්තේ අගමැතිවරයා වෙත නොව ජනාධිපතිවරයා වෙත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, ජනාධිපතිවරයා වෙත ලිපි භාරදුන් නාමල් රාජපක්ෂ , දයාසිරි ජයසේකර සහ අලි සබ්රි යන අය හැර වෙනත් කිසිවෙකුත් නීත්‍යානුකූලව ඉල්ලා අස් වී නොමැති බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් සිටි 78 හැවිරිදි පුද්ගලයෙක් මරුට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ...

ඉරානය හා ලංකාව අතර නව ගිවිසුම් 5ක්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද අත්සන් තැබීමට නියමිතයි. මහවැලි...

නව විදුලිබල පනතෙන් වෙන හානියට ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා නඩුවක්

නව විදුලිබල පනත් කෙටුම්පත මගින් මෙරට පුරවැසියන්ට සිදුවන අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...