27 C
Colombo
Friday, April 19, 2024

බත්, කොත්තු, කිරි තේ මිලත් ඉහළට (වීඩියෝ)

- Advertisement -

බත් පැකට්ටුවක, කොත්තුවක, ෆ්‍රයිඩ් රයිස් එකක සහ කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ වන විට එක් දිනක් තුළ භාණ්ඩ රැසක මිල ගණන් විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩිලෙස පීඩාවට පත්ව සිටිනවා.

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකුට තමන්ගේ එදිනෙදා රැකියා මෙන්ම ස්වයං රැකියා අහිමිව ඇති පරිසරයක් තුළ භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම හේතුවෙන් ජනතාව තව තවත් අපහසුතාවයට පත්වන බවයි විපක්ෂය චෝදනා කරන්නේ.

මේ වන විට ශ්‍රී ලංකා මහබැංකුවද විශාල වශයෙන් මුදල් අච්චු ගසමින් සිටින නමුත් පසුගියදා නව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ එලෙස මුදල් අච්චු ගැසුවද එයින් උද්දමනකාරී බලපෑමක් ඇති නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...