32 C
Colombo
Friday, March 29, 2024

අගමැති ආරක්ෂකයෙක්ගෙන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට සද්දයක්

- Advertisement -

අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු විසින් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් හට බැණ වැදී අශෝභන ලෙස හැසිරුණු බවට පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පෙරේදා දිනයේ (18) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීම පැවැත්වෙන ස්ථානයෙහි පිටත මාධ්‍යවේදීන් සුපුරුදු පරිදි රැදී සිට ඇති අතර එම ස්ථානයට පැමිණි අගමැති ආරක්ෂක අංශයේ නිලධාරියකු අදාළ මාධ්‍යවේදීන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

එහිදී පාර්ලිමේන්තුව වාර්තා කරන මාධ්‍යවේදීන් සදහන් කර ඇත්තේ එම ස්ථානයෙන් ඉවත්විය නොහැකි බවත් තමන් මෙම ස්ථානයේ සිට මීට පෙර අවස්ථාවලද රැස්වීම අවසන්වී එන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා බවත්ය.

කෙසේ වෙතත් අගමැති ආරක්ෂක නිලධාරියා මාධ්‍යවේදීන් අපහසුතාවට පත් කරමින් දිගින් දිගටම හැසිරී ඇති අතර සිරස ආයතනයේ මාධ්‍යවේදියාගේ හැදුනුම්පත තමන්ට පෙන්වන ලෙසද දැනුම්දී තිබෙනවා.

මේ අතරතුර එහි සිටි තවත් මාධ්‍යවේදියෙක් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා හට දුරකතනයෙන් අමතා අග්‍රාමාත්‍ය ආරක්ෂක නිලධාරියා මාධ්‍යවේදීන්ට බාධා කරමින් අශෝභන ලෙස හැසිරෙන ආකාරය පැහැදිලි කර තිබෙනවා.

පසුව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එම දුරකතනය අදාළ ආරක්ෂක නිලධාරියාට ලබා දෙන ලෙස දැනුම් දී තිබුණද එම නිලධාරියා දුරකතනයද නොගෙන පවසා ඇත්තේ තමන්ට කිසිවකුගේ උපදෙස් අවශ්‍ය නැති බවයි.

අගමැති ආරක්ෂක අංශයේ නිලධාරියාගේ මෙම පිළිතුරත් සමග කෝපයට පත්ව ඇති නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වහාම එම ස්ථානයට පැමිණ පාර්ලිමේන්තුවේ වගකීම ඇත්තේ ආරක්ෂක අංශ නිලධාරීන්ට නොව තමන්ට බව සදහන් කරමින් අදාළ අගමැති ආරක්ෂක අංශයේ නිලධාරියා හට බැන වැදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...