ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ කැලිෆෝනියාවේ සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම විසින්.
බ්‍රිතාන්‍යයේ වත්මන් රජු වන තෙවැනි චාල්ස් රජුගේ බිරිඳව සිටි ඩයනා කුමරිය 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදා ප්‍රංශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතයෙන් සමුගත්තා.
දැන් ඩයනා කුමරිය පිලිබඳ කතාබහ නැවතත් කරළියට පැමිණ තිබෙන්නේ ෙඩයනා කුමරියට අයත්ව තිබූ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසියට තැබීමට සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම සැලසුම් කිරීමත් සමඟින්.
ප්‍රින්සස් ඩයනාස් ස්ටයිල් ඇන්ඩ් අ රෝයල් කලෙක්ෂන් ලෙස නම් කර ඇති මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි මස 26 වැනිදායි.
ඒ කැලිෆෝනියාවේ පෙනින්සුලා බෙවර්ලි හිල්ස් නම් තරු පන්තියේ හෝටලයකදී.
ඩයනා කුමරිය විසින් අඳින ලද අලංකාර ගවුම්, ඇය විසින් පලදින ලද තොප්පි හා පාවහන් මෙන්ම ඇය භාවිතා කල මිල අධික අත් බෑගයන් ආදී අයිතම 100ක් සඳහා ලංසු තැබීමට හා ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට මෙහිදි අවස්ථාව හිමිවනවා.
ජූලියන් වෙන්දේසි සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ සම නිර්මාතෘ මාටින් නෝලන් පවසන පරිදි, ඩයනා කුමරියට අයත් ව තිබූ භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් එකවර වෙන්දේසි කරන පලමු අවස්ථාව මෙයයි.
වෙන්දේසියට තබා ඇති භාණ්ඩ අතර සුවිශේෂි අයිතම කිහිපයක් ද වනවා.
1988 වසරේ නිපදවන ලද ‘කෙයාරින් ඩ්‍රෙස්’ නමින් හඳුන්වන නිල් පැහැති සිල්ක් ගවුම ඉන් එකක් වන අතර එය ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ත් – 3ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි වෙන්දේසි සමාගම පවසනවා.
1995 වසරේදී එවක ප්‍රංශ ජනපති ආර්යයාවගෙන් තෑගි ලෙස ඩයනා කුමරියට ලැබුණ ඩීඕ අත් බෑගයද, මංගල ඇඳුමින් සැරසී සිටින ඩයනා කුමරියගේ ඡායාරූපයක් මෙන්ම දෙවැනි එළිසබෙත් රැජින ඇතුලු බ්‍රිතාන්‍ය රජ පවුලේ වෙනත් සාමාජිකයන්ට අයත් තවත් අයිතම කිහිපයක්ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.
මෙම වෙන්දේසියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් බ්‍රිතාන්‍යයේ මස්කිවුල ඩිස්ට්‍රොෆී සමාජ අරමුදලට බැර කරන බව ජූලියන් වෙන්දේසි සමාගම පවසනවා.
අදාළ භාණ්ඩ ජූනි 17 වැනිදා දක්වා පූර්ව ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.