29 C
Colombo
Sunday, June 4, 2023

ඊශ්‍රායලයෙන් හැක් කරපු ප්‍රභූ ලයිස්තුවේ ඩුබායි රජු විසින් අතුරුදන් කළ දියණිය ලතීෆා කුමරියගේ සහ බිරිඳ හයාගේ දුරකථන අංකත්

- Advertisement -

ඊශ්‍රායලයේ NSO සමාගම මඟින් පෙගසස් නම් ඔත්තු බැලීමේ මෘදුකාංගය ඔස්සේ තොරතුරු ලබා ගත් අය අතරේ ඩුබායි හි කුමාරිකාවන් දෙදෙනෙක් භාවිත කරන දුරකථන අංක සොයාගෙන තිබේ.

ඩුබායි හි රජතුමා විසින් පැහැර ගෙන සඟවා සිටින බව කියන ඔහුගේ දියණිය වන ලතීෆාගේ කුමරියගේ දුරකථන අංක එම ලැයිස්තුවේ අන්තර්ගත වී ඇත.

එමෙන්ම ඔහුගේ හිටපු බිරිඳ හයා බින්ට් අල් හුසේන් කුමරියගේ දුරකථන අංක ද එහි ඇතුළත් ව ඇති බව විමර්ශන වලින් තහවුරු වී තිබේ.

පසුගිය පෙබරවාරි මැද භාගයේ දී බීබීසී පුවත් සේවය ලතීෆා කුමරියගේ රහසිගත වීඩියොවක් විකාශනය කළ අතර එහිදී ඇය කියා සිටියේ ඇය ප්‍රාණ ඇප කරුවකුලෙස රඳවා සිටින බවත් ඇගේ ජීවිතය අවින්ශ්චිත බවත් ය.

මේ අතර 2019 වර්ෂයේ දී හයා කුමරිය ද එංගලන්තය බලා පලා ගියේ තම ජීවිතය ගැන බියක් ඇති බව පවසමිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙම චෝදනා දෙකම ප්‍රතික්ෂේප කරන ලදී.

නමුත් ඔවුන්ගේ දුරකථන අංක ඊශ්‍රායලය විසින් පෙගසස් ඔස්සේ හැක් කරනු ලැබූ දුරකථන අංක 50,000 කට ආසන්න ලයිස්තුවේ අඩංගු වී තිබේ.

එම ලැයිස්තුව මෑතක දී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත වාර්තා වී තිබුණු අතර එම සමාගම ඔස්සේ ඔත්තුබැලූ අය අතර මාධ්‍යවේදීන්,දේශපාලනඥයන්, සමාජ ක්‍රියකාරීන් ඇතුළු බොහෝ දෙනෙකු විය.

ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙන්නේ මේ ඔස්සේ කුමරියන්ගේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...