30 C
Colombo
Friday, July 19, 2024

පාසල් සිසුවෙකුට පහරදුන් විදුහල්පති සහ ගුරුවරු 5 දෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ උසස් පෙළ අංශයේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධ‍යෙන් එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු 6 දෙනෙක් අත්ඩංගුවටගෙන තිබෙනවා.

නුවර එළිය පොලීසිය සඳහන් කළේ ගුරු මණ්ඩලයේ භික්ෂුන් වහන්සේ දෙනමක් සහ ගුරුවරුන් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් හයදෙනෙක් ඊයේ (08) මෙලෙස සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

2024 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්පත් ලබා ගැනීමට ඉකුත් 03 වන දින එම සිසුවා පාසලට ගිය අවස්ථාවේ සිසුවාගේ කොණ්ඩය අධික ලෙස වැවී තිබු නිසා විදුහල්පතිවරයා කොණ්ඩය කපා පැමිණෙන ලෙසට පවසා සිසුවාට පහර දීමට උත්සාහ කර තිබෙනවා.

සිසුවාගේ දෙමව්පියන් විසින් නුවරඑලිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත්තේ එහිදී  විදුහල්පතිවරයාගේ පහරින් බේරීමට සිසුවා අත ඔසවා සිටි අවස්ථාවේ පාසලේ ගුරුවරුන් වශයෙන් සේවය කරන භික්ෂුන් වහන්සේ දෙපළ සහ ගුරුවරුන් තිදෙනා සිසුවාට පහර දී ඇති බවටයි.

දෙමව්පියන්ගේ පැමිණිල්ල අනුව එම විදුහලේ විදුහල්පතිවරයා , ගුරුවරුන් පස්දෙනා (08) දින නුවරඑලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දි මෙනවිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව සැකකරුවන් හයදෙනාට සිසුවාට කිසිදු බලපැමක් සිදු නොකරන ලෙසට දැඩි ලෙස අවවාද කර ලක්ෂයේ ශරීර ඇප 12 ක් මත නිදහස් කිරීමට සහ යළිත් මෙම නඩුව ලබන මස (26) දින කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

මත්පැන්හල් නිසා හෝමාගම අභිමානය නැතිවෙලා-වජිර බුද්ධි නාහිමියන්

මත්පැන්හල් සහ මස්කඩ නැතිව හෝමාගම නගරය මේ දක්වා අභිමානයෙන් පැවැති නමුත් මත්පැන් අලෙවිහලක් ආරම්භ කිරීමත් සමඟ එම අභිමානය අහිමි වී ගොස් තිබෙන බව හෝමාගම...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසන්නේ උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ  ඔහිය දුම්රිය ස්ථාන...

සභාපති වෙන්න නිමල් සිරිපාලට අයිතියක් නෑ – තිලංග සුමතිපාල

අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල මහතාට නීතිමය අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස්...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...