30 C
Colombo
Monday, March 20, 2023

සිසුන් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ විදුහල්පති අත්අඩංගුවට

- Advertisement -

ජනප්‍රිය ප්‍රධාන පාසලක පාසල් සිසුන් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ විදුහල්පතිවරයෙක්ව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, රත්නපුර ප්‍රධාන පිරිමි පාසලක කලක පටන් සිදුවන ළමා ලිංගික අපයෝජනයන් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුවයි.

එම විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම විදුහල්පතිවරයා දීර්ඝ කාලයක සිට ඉතා සූක්ෂමව පාසලේ ළමයින් සිය නිල නිවාසය වෙත ගෙන්වාගෙන මුදල් ත්‍යාග සහ විවිධ වරප්‍රසාද ලබාදෙමින් ලිංගික අපයෝජනයන් සිදුකර ඇති බව සාක්ෂි සහිතව කරුණු අනාවරණය වී තිබෙන බව‍යි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ.

ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බරපතළ ලිංගික අපයෝජන චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

මෙරට පාසල් අශ්‍රිතව සිදුවන කවර හෝ ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව පැමිණිලි හා තොරතුරු කඩිනමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.