32 C
Colombo
Tuesday, February 18, 2025

විදෙස්ගත සිසුන්ගේ ඩොලර් ගැටළුවලට ප්‍රමුඛත්වය

- Advertisement -

මේ වන විට විදෙස්ගතව අධ්‍යාපනය හදාරන මෙරට සිසුන් යම්කිසි ආකාරයකින් මෙරටින් මුදල් ගෙන්වා ගැනීමේ ගැටළුවකට මුහුණ පා ඇත්නම් ඒ සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත දැනුම් දී තිබෙනවා.

අද (04) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව අනාවරණය කර සිටියා.

මාධ්‍යවේදියා:

“මේ වෙන කොට විදේශගත වෙලා ඉන්නවා අපේ ගොඩාක් දූ දරුවෝ අධ්‍යාපනය ලබන්න. නමුත් ඔවුන්ට අවශ්‍ය කරන විදේශ විනිමය, ඩොලර්වලින් හෝ කිසියම් විදේශ මුදල්වලින් ගෙවීමේ හැකියාවක් නැති වී තිබෙනවා. මේ වෙලාවේ දෙමව්පියෝ ඉතාමත් අසරණභාවයට පත්ව සිටිනවා. අපේ දරුවන්ට කන්නවත් නැතිවෙලා තියෙනවා ඒ විදේශ රටවල්වල. මේකට යම්කිසි පිළිසරණක් වෙන්න මහ බැංකුව හරහා හෝ වානිජ බැංකු හරහා හෝ ඔවුන්ට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමේ හැකියාවක් ඇතිකරලා දෙන්න පුළුවන්කමක් තියෙනවාද?“

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම:

“මෙය ඉතා සංවේදී ප්‍රශ්නයක්. මහ බැංකු අධිපතිතුමාට ජනාධිපතිතුමා විසින් පෞද්ගලිකවම උපදෙස් දීලා තියෙනවා, දරුවන්ගේ අධ්‍යාපනයට අදාළ කාරණාවලට ප්‍රමුඛත්වය දෙන්න කියලා. මම දන්නා තරමින් එවැනි ආකාරයට පැමිණිල්ලක් විදියට යමක් මතුවෙලා නැහැ. මෙය බරපතළ කාරණාවක්. අපි සූදානම් නැවත වරක් මෙය අග්‍ර ප්‍රමුඛත්වය දීලා කැබිනට් මණ්ඩලයේ දී මේක සාකච්ඡා කරන්න. මේ මොහොත වෙන කොට එවැනි ඉල්ලීමක් ජනාධිපතිතුමා විසින්ම කර තිබෙන බව අපි මනාව දන්නා කාරණාවක්.“

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

POPULAR ARTICLES