27.8 C
Colombo
Thursday, July 17, 2025

රැඳවියෙක් සමඟ ලිංගිකව හැසිරුණු එංගලන්ත බන්ධනාගාර නිලධාරිනියක් හිරේ

- Advertisement -

රැඳවියෙකු සමඟ ලිංගිකව හැසිරීමේ චෝදනාවකට ලන්ඩනයේ වැන්ඩ්ස්වර්ත්හි බන්ධනාගාර නිලධාරිනියක් ලෙස සේවය කළ කාන්තාවකට මාස 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ලින්ඩා ද සූසා අබෲ නමැති එම කාන්තාව එලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල දැඩි ලෙස ප්‍රචාරය වීමත් සමඟ බන්ධනාගාරයේ ජ්‍යේෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් ඇයව හඳුනාගෙන තිබුණා.

30 හැවිරිදි ලින්ඩා, සිය පියා සමඟ මැඩ්රිඩ් වෙත යාමට උත්සහ කරමින් සිටියදී හීතෲ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය මින් පෙර අවස්ථාවක කාර්යාලය තුළ විෂමාචාර චෝදනාවලට වරද පිළිගෙන තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට ප්‍රකාශයක් ලබා දෙමින් වැන්ඩ්ස්වර්ත්හි ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ ලින්ඩාගේ හැසිරීමත් සමඟ බන්ධනාගාරයේ පිරිමි රැඳවියන් කාන්තා පාලකවරියන්ට අයුතු බලපෑම් සහ හිරිහැර වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

පොලීසිය පවසා ඇත්තේ මේ වන විට අදාළ වීඩියෝවෙහි පෙනී සිටින රැඳවියන් දෙදෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවයි.

එමෙන්ම, එම වීඩියෝවෙහි පෙනී සිටින රැඳවියා සමඟම ඇය ලිංගිකව හැසිරෙන ආකාරය දැක්වෙන තවත් වීඩියෝ ඇය බන්ධනාගාර නිලධාරිනියක් ලෙස ශරීරයේ පළඳින කැමරාවෙහි පටිගතව තිබී හමූ වී ඇති බවද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එමඟින් අනාවරණය වී ඇත්තේ මෙම ක්‍රියාව හුදෙකලා සිද්ධියක් නොවන අතර ඇය අවස්ථා කිහිපයකදීම බන්ධනාගාරය තුළ මෙලෙස හැසිරී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...

ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට එසවීමට කටයුතු කරන්න

ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධවී ක්‍රීඩාව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට  ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...

POPULAR ARTICLES

ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...