අමෙරිකාවේ – පෙන්සිල්වේනියාවේදී හය දෙනෙකු ගමන් ගත් පුද්ගලික ජෙට් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රෝගීන් දෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු එහි සිට ඇති බවයි.
කෙසේ වෙතත් මෙම අනතුරින් ජීවිත හානි සිදුව ඇති බවට මෙතෙක් අනාවරණය වී නැහැ.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවටයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
සාප්පු සංකීර්ණයක් අසලදී ජෙට් යානය කඩා වැටී ඇති අතර, ඒ අවට නිවාස කිහිපයක් ද විනාශ වී තිබෙනවා.
ගුවන් ගමන් දත්තවලින් පෙන්නුම් කර ඇත්තේ, යානය සවස 6:06ට ගුවන් තොටුපළෙන් පිටත් වී තත්පර 30කට පමණ පසු මීටර් 487 (අඩි 1,600)ක් නැගීමෙන් පසු රේඩාර් දත්ත වෙතින් අතුරුදහන් වූ බවයි.