24 C
Colombo
Sunday, February 16, 2025

ලුණු ආනයනයට පුද්ගලික අංශයටත් අවසර

- Advertisement -

ලුණු ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දී ඇති බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

වෙළෙඳපොළේ ඇතිවිය හැකි ලුණු හිඟයට හේතුවක් ලෙස කර්මාන්ත අවශ්‍යතා සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවුණා.

ජනවාරි මස 31 වැනිදා දක්වා රාජ්‍ය අංශයට එම අවසරය ලබාදී තිබූ අතර පැවති තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම කාලය පෙබරවාරි මස 28 වැනිදා දක්වා දීර්ඝ කරනු ලැබුවා.

ඒ අනුව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,890ක්.

කෙසේවෙතත් ලුණු නිෂ්පාදන කර්මාන්තකරුවන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අද (03) සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ අනුව ලුණු ආනයනය සඳහා මෙතෙක් රාජ්‍ය අංශයට පමණක් අවසර හිමිවූ අතර, අද සිට පෞද්ගලික අංශයටද ලුණු ආනයනය සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවට දැනුම්දුන් බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළා.

එම සාකච්ඡාවෙන් අනතුරුව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජිකයින් මාධ්‍ය වෙත සදහන් කළේ ලුණු ආනයනයත් සමග වෙළෙඳපොා‍ළේ ලුණු මිල ඉහළ යනු ඇති බවයි.

කෙසේවෙතත් ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සදහන් කළේ වෙළඳපොළේ පවතින හිඟය මත ලුණු මිල ඉහළ ගියද ආනයනය කිරීම හේතුවෙන් වෙළෙඳපොළෙහි ලුණු මිලෙහි ඉහළ යාමක් සිදු නොවනු ඇති බවයි.

මේ අතර යළි කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවට මෙලෙස ලුණු ආනයනය කිරීමට කටයුතු නොකරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES