පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස පෞද්ගලික අංශයටත් ලුණු ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය පවසන්නේ, විශේෂයෙන් ලුණු කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතාවය සදහා ලුණු ගෙන්වීමට පෞද්ගලික අංශයටත් අවසර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී ඇති බවයි.
මේ අතර කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය හා ලුණු නිෂ්පාදකයින්ගේ සංගම් අතර විශේෂ සාකච්ඡාවක්ද ඊයේ (03) පැවැත්වුණා.
පවතින ලුණු හිගයට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30000 ක් ආනයනය කිරීමට පසුගිය දෙසැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
ඒ අනුව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මේ වනවිට ලුණු මෙට්‍රික් ටොන් 11890 ක් පමණ මෙරටට ආනයනය කර ඇති බවයි වාර්තාවන්නේ.