ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා පත්කර තිබෙනවා.
ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ලබා ගෙන සිටින අතර කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන තිබෙනවා.
ඒ් ආර්ථික විද්‍යාව හා කළමණාකරණය විෂය ක්ෂේත්රයෙන්.
අනතුරුව ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ ව පශ්චාත් උපාධි ඩිප්ලෝමා තුනක් හිමිකර ගත් ඔහු මේ වන විට පේරාදණීය විශ්ව විද්‍යාලයේ කළමණාකරණය පිළිබඳව ආචාර්ය උපාධි අපේක්ෂකයෙක්.
එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ හා පුද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය, ඩිජිටල් අලෙවිකරණය සන්නිවේදනය , අන්තර්ජාතික අලෙවි කළමනාකරණය හා උපක්රමික කළමනාකරණය යන විෂයන් වල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරනවා.
මීට අමතරව ඔහු අලෙවිකරණය, උපායමාර්ගික කළමනාකරණය සහ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදු කළ වියතෙක්.
1996 වසරේ විශ්ව විද්‍යාල සමයේදී සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ඔහු එවකට පළ වූ සිතිජය, රාවය, ලක්ජන වැනි පුවත්පත් හා සඟරාවල විශේෂාංග ලේඛකයෙකු සහා ජනමාධ්‍යවේදියෙකු ලෙස සම්බන්ධ කටයුතු කර තිබෙනවා.
2002 වසරේදී එකල ප්‍රකට වු දෙසතිය සඟරාවේ සහ ලංකා පුවත්පතේ විශේශාංග කතෘ ලෙස සම්බන්ධ වන ප්‍රියන්ත කුමාර මහතා එහිම විශේෂාංග ලේඛකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
පසුව 2004 වසරේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සම්බන්ධ වන ප්‍රියන්ත කුමාර මහතා 2007 වසරේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ අධ්යක්ෂවරයකු ලෙස පත්වීම් ලබනවා.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රචලිත වැඩසටහන් වන අකුණ , විසංවාදය, ඇත්ත නැත්ත, ජූරිය ඔබයි වැනි කාලීන වැඩසටහන් රැසක නිෂ්පාදනය කරනු ලබන්නේද ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතායි .