29 C
Colombo
Friday, June 2, 2023

අපනයනකරුවන්ට වෘත්තීය සුදුසුකම්

- Advertisement -

Colombo School of Business Management (CSBM) ආයතනය පසුගියදා ජාතික අපනයන ආයතනය (NIOE) හා එක්ව ජාත්‍යන්තර වෙළඳ කළමනාකරණය පිළිබඳව වෘත්තීයමය පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා නිල වශයෙන් ගිවිසුම් අත්සන් කළේය.

මෙම ආයතන දෙක අතර සහයෝගීතාවයෙන් ආරම්භ කරන පළමු පාඨාමාලාව ජාත්‍යන්තර වෙළඳ කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව වන අතර කොටස් තුනකින් සමන්විත එය මේ වසරේ ජූනි මස සිට ආරම්භ වීමට නියමිතය.

මෙම පාඨාමාලාව හදාරන සිසුන් හට ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (National Chamber of Exporters) විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෘත්තියමය සුදුසුකමක් ලබාගැනීමට අවස්ථාව හිමි වේ.

මෙම පාඨාමාලාව නිර්මාණය කර තිබෙන්නේ සහභාගී වන සිසුන් හට ජාත්‍යන්තර වෙළඳාමට අදාළ වන ක්ෂේත්‍රය පිළිබඳව දැනුම” ප්‍රායෝගික අත්දැකීම් සහ දක්ෂතා සංවර්ධනය දේශීය හා ජාත්‍යන්තර දෙඅංශයෙන්ම ලබා දීම ඉලක්ක කරගෙනය.

මෙම පාඨාමාලාව නිර්මාණය කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසකගේ දායකත්වය හිමි වී ඇති අතර පාඨාමාලාව උගන්වනු ලබන්නේ ක්ෂේත්‍රයේ කීර්තිමත්ම වෘත්තිකයින් විසිනි.

ක්ෂේත්‍ර චාරිකාවන් ගණනාවක් අන්තර්ගත වන පාඨාමාලාවේ ප්‍රායෝගික කොටස එහි සුවිශේෂීතම අංගයක් වන අතර ඒ හරහා සිසුන් හට වේගයෙන් වෙනස් වන අපනයන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පු`ඵල් ප්‍රායෝගික දැනුමක් ලබා දීම සිදු වේ. 

මේ වනවිට ආනයන අපනයන ක්ෂේත්‍රයේ නියැලෙන බොහෝදෙනා තම ස්වෝත්සහයෙන් ප්‍රවීණතාවය ලබාගත් ව්‍යවසායකයින්, වෘත්තිකයින් වන අතර, මෙවැනි වෘත්තීමය සුදුසුකම් හරහා ජාත්‍යන්තර වෙළඳ කළමණාකරනය පිළිබඳ මනා දැනුමක් මෙන්ම පිළිගත් වෘත්තිකයින් වශයෙන් අපනයන ක්ෂේත්‍රය තුළ දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සාර්ථික වෘත්තීය ගමනක නියැලීම සඳහා අවස්ථාව හිමි වේ. 

මෙම පාඨමාලාව නිර්මාණය කර තිබෙන්නේ අපනයන/ආනයන ආයතනවල සේවකයින්ට” උපාධිධාරීන්ට උපාධි අපේක්ෂකයින්ට ජාත්‍යන්තර වෙළඳාම් ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් වීමට අපේක්ෂා කරන පාසල් අවසන් කරන සිසුන් වැනි සිය`ඵම දෙනා හට යෝග්‍ය වන ආකාරයටය.

මෙය ජාත්‍යන්තර වෙළඳාමට ආධුනික වන අයට මෙන්ම පළපුරුදු අයටත්” නව වෙළඳපොලවලට ඇතුළුවීමට උත්සාහ කරන අය” දැනුම හා දක්ෂතාවයන් සංවර්ධනය කරගැනීම උත්සාහ කරන අය ඇතුඵ සියඵ දෙනා හට සාර්ථකත්වයට අවශ්‍ය කරන වැදගත් දක්ෂතාවයන් හා දැනුම ලබා දීමට කටයුතු කරයි. 

පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් හට ආනයන/අපනයන ක්‍රියාවලියට අදාළ දෛනික කටයුතු විශ්වාසයෙන් යුතු කළමනාකරණය කිරීමේ හැකියාවත්” ඒ සම්බන්ධ ලියකියවිලි හා මූල්‍ය කටයුතු කළමනාකරණය කරගැනීමේ හැකියාව” ජාත්‍යන්තර වෙළඳපොල වෙත අවතීර්ණයවීම” පාරිභෝගියකයින් සමඟ සාර්ථක සබඳතා ගොඩනගා ගැනීම” සන්නාමකරණය” මිල තීරණය කිරීම” ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන සඳහා සහභාගී වීම” වෙළඳපොළ ප්‍රවර්ධන කටයුතු වැනි සියලුම අංශවල දැනුම හා දක්ෂතාවයන් හිමි වනු ඇත.

අපනයන ආයතනයක සිදුවන මේ කටයුතු ආයතන අභ්‍යන්තරයේම සිදු නොකර වෙනත් බාහිර ආයතන වෙත පවරා දීමද සාමාන්‍යයෙන් සිදු වේ.

එය කෙසේ වුවද අභ්‍යන්තර කාර්යමණ්ඩලය මේ පිළිබඳව දැනුමෙන් හා දක්ෂතාවයෙන් සන්නද්ධව සිටීම ඉතාම වැදගත්ය. 

මෙම පාඨමාලාව පිළිබඳව වැඩිදුර විස්තර 0703 676767 / 0768 755006 දුරකතන අංක අමතා ලබා ගත හැක.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...