හැරී පොටර් චිත්‍රපට අටෙන් හයකම මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර් ලෙස රඟ පෑ රංගන ශිල්පී ශ්‍රීමත් මයිකල් ගැම්බන් (Sir Michael Gambon) මියගොස් තිබෙනවා.
නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගිය බවයි පවුලේ සමීපතයින් සඳහන් කරන්නේ.
මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 82ක්.
ඩබ්ලින් හි උපත ලද ශ්‍රීමත් මයිකල් ඔහුගේ දශක පහක වෘත්තීය ජීවිතය තුළ රූපවාහිනිය, චිත්‍රපටය, රංග ශාලාව සහ ගුවන්විදුලිය තුළ සේවය කර තිබුණා.