28.5 C
Colombo
Wednesday, April 24, 2024

මූල්‍ය සමාගම් රැසක ලාභ ඉහළට

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගම් කිහිපයක් විසින් මේ වන විට 2021 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශන නිකුත් කර ඇති අතර ඊට අනුව ඉතා සාර්ථක කාර්යසාධනයක් වාර්තා කිරීමට එම සමාගම් සමත්ව ඇත.

සිංගර් ෆිනෑන්ස් සමාගම රු. මිලියන 187.54 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. එය 2020 වසරේ අදාළ කාර්තුවෙහි අගය වූ රු. මිලියන 86.21 ට සාපේක්ෂව 118% ක වැඩිවීමකි.

සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගම 2021 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී රු. මිලියන 95.99 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇත්තේ 2020 වසරේ අදාළ කාර්තුවේ දී රු. මිලියන 196.73 ක බදු පසු අලාභයක් වාර්තා කර තිබුණු පසුබිමක දීය.

මේ අතර එල් බී ෆිනෑන්ස් සමාගම රු. බිලියන 2.88 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් 2021 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී වාර්තා කර තිබෙන අතර 2020 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී වාර්තා කර තිබූ රු. බිලියන 1.69ක ලාභ අගයයට වඩා එය 70% ක වර්ධනයකි.

වැලිබල් ෆිනෑන්ස් සමාගම 2021 දෙසැම්බර් කාර්තුව වෙනුවෙන් වාර්තා කර ඇති බදු ගෙවීමන් පසු ලාභය රු. මිලියන 720.52 කි. එය 2020 වසරේ අදාළ කාර්තුවේ ලාභ අගය වූ රු. මිලියන 436.31 ට වඩා 65% ක ඉහළ යාමක් වේ.

RECENT ARTICLES - SINHALA

නිවාඩුවෙන් පසු පාසල් අද යළි ඇරඹේ

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් අද (24) යළි ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙලෙස අදින්...

කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද(24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව...

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...