28 C
Colombo
Friday, May 20, 2022

ලොහාන් ගැන පැමිණිලි කළ රැඳවියන්ට ආරක්ෂාව දෙන්න – ශ්‍රේෂ්ඨාධිකරණය

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති බන්ධනාගාර රැඳවියන් 08 දෙනාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කර සිටියා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වෙත මෙම නියෝගය නිකුත් කෙරුණා.

අදාල පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ එස් තුරෙයිරාජා යන සාමාජිකයන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබූ අවස්ථාවේදී අධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා වෙත මෙම නියෝගය නිකුත් කළා.

ඉකුත් 12 වනදා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් පූබාලසිංහම් සූරියපාලන් නමැති රැඳවියාව දණගස්වා හිසට පිස්තෝලයක් එල්ල කර මරණ තර්ජනය කර ඇති බවට චෝදනා කරන අදාල රැඳවියා ඇතුළු රැඳවියන් 08 දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

අනුරාධපුර බන්ධනාගාරයේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බැවින් තමාව යාපනය බන්ධනාගාරය වෙත මාරුකර යවන ලෙසට පෙත්සම්කරුවන් සිදුකර තිබූ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව, රැඳවියන්ගේ ආරක්ෂාව තර කරන ලෙසට අධිකරණය නියෝග කර සිටියා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අනුරාධපුර බන්ධනාගාර අධිකාරි එච්.ආර්. අජිත් මහතා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශපාලනය අප්‍රසන්නයි..! – ඇමතිකම නැතිවූ සබ්‍රි කියයි

වත්මන් දේශපාලන තත්වය තමාට අප්‍රසන්න බව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේදී අද (20) පවසා සිටියා. පුත්තලමේ...

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින වලදී විදුලි කප්පාදුව ගැන තීරණයක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැලසීම සඳහා ලබන ඉරිදා (22) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල පස්වරු 6.30 න්...

අගෝස්තුවේ සිට ආහාර හිඟයක්..! – අගමැති 

එළඹෙන කන්නය සඳහා වී වගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...