කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.
ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය කර ඇති මෙම විරෝධතාවයට විශාල පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් පවසන්නේ ETI තැන්පත්කරුවන්ව මහමඟට ඇඳ දැමූ දීපා එදිරිසිංහ නැමැත්තිය කොළඹ නගර සභාවට පත්කිරීමට තමන් විරෝධය පලකරන බවයි.
පොදුජන එක්සත් පෙරමුණෙන් කොළඹ නගරසභාවට තරඟ කළ ඇය ඉන් පරාජයට පත්වූවා.
නමුත් ඇයව නාගරික මන්ත්‍රීවරියක් ලෙසට පත්කිරීමට එම පක්ෂය තීරණය කර ඇත්තේ අය සතුව ඇති මුදල් බලය නිසා බවට ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය චෝදනා කරනවා.
Edirisinghe Trust Investments ආයතනය පවා පරිපාලනය කරගැනීමට නොහැකි වූ දීපා එදිරිසිංහ හට කොළඹ නගර සභාව පරිපාලනය කළ හැක්කේ කෙසේදැයි ඔවුන් විමසා සිටිනවා.