31 C
Colombo
Friday, May 20, 2022

නිරෝධායන නීති තඹේකට මායිම් නොකරමින් සජිත්ගෙන් විරෝධතාවයක් (ඡායාරූප)

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ මහනුවර නගර මධ්‍යයේ විරෝධතාවයක් පැවැත්වූවා.

විශාල ජනතා සහභාගිත්වයකින් පැවැති මේ විරෝධතාවය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සංවිධානය කර තිබෙනවා.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් හලීම්, හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පළාත් සභාවේ හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද විශාල පිරිසක් ඊට සිටියා.

කෙසේ වෙතත් නැවත වරක් වර්ධනය වෙමින් පවතින කොවිඩ් තත්ත්වය හමුවේ කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමනය නොකරමින් මෙම පිරිස ඒකරාශීවී සිටින අයුරු දක්නට ලැබුණා.

විරෝධතාවයට සහභාගීවූ ඇතැම් පුද්ගලයින් මුව ආවරණයක් හෝ නොපැලද සිටිමත් පැළදි මුව ආවරණය ගෙලෙහි පැළද සිටීමත් විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...