24 C
Colombo
Tuesday, March 21, 2023

විරෝධතාකරුවන් ඉරාක ජනපති මැදුරට ඇතුළු වී පිහිනුම් තටාකයේ දිය නායි

- Advertisement -

ඊයේ (29) දින ඉරාක ෂියා ආගමික පූජක මුක්තාදා අල් සදර් දේශපාලනයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමෙන් පසු ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ් හි ප්‍රචණ්ඩ විරෝධතා ඇති විය.

ශ්‍රී ලංකාවේ සිදුවූ ආකාරයෙන්ම විරෝධතාකරුවන් විසින් එම රටේ බල කේන්ද්‍රය වන රිපබ්ලිකන් මාලිගයට කඩා වැදුණි. මෙරට විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමේ ඡායාරූපවලට සමානවම එරට විරෝධතාකරුවන්ද මන්දිරයේ තටාකයේ බැස විනෝද වන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලය හරහා හුවමාරු වන අයුරු දැකගත හැකිය.

බැග්ඩෑඩ් නගරයට ඇඳිරි නීතිය පැනවීමට ඉරාක අගමැතිවරයා නියෝග කර ඇති නමුත් ම ඇඳිරි නීති නියෝග නොතකමින් දහස් ගණනින් යුත් විරෝධතාකරුවන් නගරය පුරා සැරිසරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාකයේ පවතින පාලනයට එරෙහිව සහ එරට රජයේ දූෂණයන්ට සහ වංචාවන්ට එරෙහිව විරෝධතාකරුවන් පසුගිය මාස ගණනාවක් පුරා අඛණ්ඩ ව විරෝධතාවයේ නිරත වන්නේ විනිවිදභාවයකින් යුත් පාලන ක්‍රමයක් සහ පවතින ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව ඉල්ලා සිටිමින්.

මෙම විරෝධතාවන් ට එරට සිටින ෂියා පූජක මුක්ටාඩා අල්-සදාර්ගේ අනුගාමිකයින් වැඩි වශයෙන් එක් වී ඇති අතර ඔහු එම විරෝධතා මෙහෙයවන බවටයි එරට පාලක පක්ෂය චෝදනා කරන්නේ .


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.